Popular Posts
-
වවුලු හමුව-රැපියෙල් තෙන්නකෝන් පුතු නළවනු පිණිසැ කට බොරු මැ කිය කියා හොට ඇනැ බිඳින සේ උකුණන් අතරැ පියා පිසැ ග...
-
පරලොවට පණිවුඩයක් -ජී.එච් පෙරේරා ළඟදි ඔය පලාතෙන් බැල්ම ලා මේ රටෙහී උපදින අය ඇත්නම් කාරියක් මම් කියන්නම් කලදි අපට කිව්වේ න...
-
අම්මා-මහගමසේකර. ඔබා දෙදණ නිල උඳුපියලි බිම මත වැන්දේය ඔහු බැති සිතින් අම්මා වැලලූ තැන මහපොළොවට පිපිලා තිබුණි එතැන සුදු පා...
-
සිරිමලී- එච්.එම් . කුඩලිගම හැකිලෙන අතර මහ වන මැද හිරු එළිය රසවත් කොට මගේ කවි සිතිවිලි වලිය මට ම...
-
මහබෝ වන්නම -චන්ද්‍රරත්න මානවසිංහ වැලි තල අතරේ -හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස -වැඩ සිට -බුදු වුණු දා තිලෝ හිමි මො...
-
හිඟන්නා - කුමාරතුංග මුනිදාස නැත මා රකිනා මවක් පියෙක්, නැත නෑදෑ හිතවත් කෙනෙක් කිසිත්. අඳුර යි මුළු ජීවිතේ ම-ගේ, වෙ...
Blogger templates
Blogger news
Blogroll
About
Blog Archive
-
►
2015
(5)
- ► 12/27 - 01/03 (1)
- ► 12/06 - 12/13 (2)
- ► 11/22 - 11/29 (2)
About Me
Powered by Blogger.
Friday, July 8, 2016
වවුලු
හමුව-රැපියෙල් තෙන්නකෝන්
පුතු
නළවනු පිණිසැ කට බොරු මැ කිය කියා
හොට ඇනැ බිඳින සේ උකුණන් අතරැ පියා
පිසැ ගෙනැ
කඳුළු යළි ඇසිපිය හොඳට අයා
සිඳුවන ඇස
ඇයට හිමි රුව පෙනී ගියා
ඉඩ හැරැ
පැනැ ගියනෙ ‘විටැ බිය සෝ දෙන්නා
බුරමින්
නැඟිණි දැලි ලා වැඩි කෝ ගින්නා
සිහි කොටැ
එදා ගිනි රස හොඳට මැ දන්නා
එය වළකනුව
දිවැගති ඉන් උගුන්නා
නටන සෙ
ඇන්ජිමක් බසයෙකැ ගමනැ සැදූ
පැන පැන
ගැහෙන හද තද කොටැගෙනැ පුරුදූ
සැර
කැපුමැ’ති වදන් හිත් වදිනට මැ යෙදූ
හොට මැදැගෙනැ
සැදූ ඕ මඟ ඇසින් රුදූ
බත්
සැළියක් බඳු වැ ළං වූ උතුරන ට
අඩු
කෙටැගනුව ළය සැරසී සිටි ඇය ට
ළං වුනු
බස් ඇසෙන පමණට හිමි රුව ට
වන ලෙස
ඇසිණි හෙණයක් සක්වළ ගල ට
සිතා
ගෙදොරෑ නැති විලසින් අඹු ද රුවන්
නටා ගසා
ගොස් එන සැටි රැගෙනැ රුවන්
අහා !
වැරදුණා කට මගෙ ඇස ‘ ඳු රුවන්
පියා නොවේ
ඒ . මෙහි එන්නැ පොඩි රුවන්’
මානවයා සිය ඉතිහාසය මුළුල්ලේම රැස් කළ ඥානමය සම්පත් හා භාවමය සම්පත්
සමූහය සමස්ත සංස්කෘතිය නියෝජනය කරයි.භාවමය සම්පත් යනු ඔහුගේ සාහිත්‍ය කළා ආදියයි.එකී
සාහිත්‍ය කලාවන් අතර කවිය විශිෂ්ටතම කලාංගයක් වනු පමණක් නොව සූක්ෂම කලාංගයක් ද
වේ.එසේම කවිය විශිෂ්ටතම කලාංගයක් ලෙස සැලකෙන්නේ එය සෙසු බොහෝ කලාවන්ටද මාතෘ කලාවක් වන බැවිනි.
කවිය බොහෝ විට සමාජ යථාර්තය ස්පර්ශ කිරීමට තරම් සමත් කම්
දක්වයි.කවියක සාඩම්බර හිමිකරුවා වන්නේ කවියාය.ඉතා සියුම් වදන් කිහිපයකින් පවා සමාජ
ස්වරූපය රසිකයා වෙත ඉදිරිපත් කිරීමට කවියා දක්වන්නේ අසම සම දක්ෂකමකි.එවැනි කවීන්
අතින් රචනා වන කවි පබැදුම් ප්‍රතිභාපුර්ණ බැවින් යුක්තය.කුමාරතුංග මුනිදාස ශුරීන්
විසින් අරඹන ලද හෙළ හවුල කවි පරපුරට අයත් රැපියෙල් තෙන්නකෝන් එවැනි ප්‍රතිභාපුර්ණ
කවියෙකි.එතුමා විසින් රචනා කරන ලද පද්‍ය සම්භාරයක් ඇසුරින් “වවුලු හමුව” පද්‍ය සොඳුරු නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැකිය.
සමාජයේ
පවතින සත්‍ය සිදුවීමක් සත්ව ලෝකය මාර්ගයෙන් රසිකයා වෙත ගෙන හැර පෑමට කවිය සිය
නිර්මාණය තුලින් උත්සහ දරා ඇත.වත්මන් පවුල් සංස්ථාව තුල සැමියා හා බිරිඳ අතර ඇතිවන
යම් යම් සිද්ධි අභිමුව බිරිඳ ක්‍රියාකරන ආකාරය සත්ව ලෝකයේ කැවිඩිය හරහා පද්‍ය
නිර්මාණයට ගොනුකර ඇත.සමස්ත ස්ත්‍රී වර්ගයා වෙත උපහාසාත්මක අයුරින් කාන්තාවන්ගේ
කපටි ගති පැවතුම් මුල් කරගෙන පහර ගැසීමට හෙතෙම තම කවිය හරහා උත්සහ දරා ඇත.
“පුතු නළවනු පිණිසැ කට
බොරු මැ කිය කියා
හොට ඇනැ බිඳින සේ උකුණන් අතරැ පියා
පිසැ ගෙනැ කඳුළු යළි
ඇසිපිය හොඳට අයා
සිඳුවන ඇස ඇයට හිමි රුව පෙනී ගියා”
කැවිඩියගේ
මෙම මෙම හැසිරීම් දාමයට හේතු බීජය වන එක කරුණක් ඇත.මෙහිදී කව්ඩා කැවිඩියටත් තම දරු පැටවුන්ටත් කෑම සොයාගෙන එනු
පිණිස බැහැරට යයි.නමුත් වෙනත් දිනවලදී වැයවන කාලයට වඩා මෙදින කව්ඩා තරමක් ප්‍රමාද
වෙයි.පැටවුන් තුරුළු කරගත් කැවිඩියතම ස්වාමියා එනතුරු බල සිටින විට ඈත අහසේ රුවක්
ඉදිරියට ඇදෙනු පෙනෙයි.එවිට මෙතෙක් පැවති ශෝකයත් බියත් වෙනුවට කැවිඩියගේ හදවතේ ඇති
වන්නේ තම සැමියා කෙරෙහි කෝපයකි.
වත්මන් සමාජයේ ද මෙවැනි ස්වරූපයක් ගනියි.උදෑසන රැකියාවට
ගිය තම සැමියා වෙනත් දිනවලට වඩා ප්‍රමාද වුවහොත් බිරිඳ ක්‍රියා කරන ආකාරය
කැවිඩියමගින් මානව පිළිඹිබු කර දැක්වීමට කවියා සමත් කම් දක්වා ඇත.
“බත් සැළියක් බඳු වැ ළං
වූ උතුරන ට
අඩු කෙටැගනුව ළය සැරසී
සිටි ඇය ට
ළං වුනු බස් ඇසෙන පමණට
හිමි රුව ට
වන ලෙස ඇසිණි හෙණයක්
සක්වළ ගල ට”
කැවිඩියගේ
සිතෙහි නැගෙන කෝපය මනාවට මෙම කවියෙන් නිරූපණය වේ. උචිත උපමා භාවිතයෙන් එය සාර්ථකව
පෙන්වා දීමට කවියා සමත් වී ඇත ප්‍රමාදය සම්බන්ධයෙන් සැමියාට දොස් පැවරීමට අවැසි
වදන් කැවිඩියගේ සිතට ගලා එනුයේ නිරායාසයෙනි.
අද තත්වය
ද මෙලෙසය. කාරුණිකව හේතු විමසනවා වෙනුවට සැර පරුෂ ආකාරයෙන් බැණ වැදීමට බිරිඳ
පුරුදුව සිටි. සැමියා ප්‍රමාද වීමට සාධාරණ හේතු තිබුණ ද ඒවාට සවන් දීමට බිරිඳ
සුදානම් නැත. පවුල් සංස්ථාවන් තුළ අනිසි ගැටුම් ඇති වීමට බලපාන්නේ ද මෙවැනි
විමසීමකින් තොරව කටයුතු සිදුකිරීමයි.
‘’සිතා ගෙදොරෑ නැති
විලසින් අඹු ද රුවන්
නටා ගසා ගොස් එන සැටි
රැගෙනැ රුවන්
අහා ! වැරදුණා කට මගෙ
ඇස ‘ ඳු රුවන්
පියා නොවේ ඒ . මෙහි
එන්නැ පොඩි රුවන්’’
ප්‍රමාද
වී, එනමුත් කද මලු පුරවාගෙන පැමිණෙන ස්වාමියාට
බැණ වැදීමට කැවිඩිය සුදානම්ව සිටිය ද ඇයට සිදුවන්නේ වැරදීමකි . ස්වාමියාගේ
රුව යැයි සිතා ඇය රැවටී ඇත්තේ වවුලෙකුගේ රුවකට ය. සැමියා වෙනුවෙන් සුදානම් කරගෙන
සිටි දෝෂාරෝපණ වදන් ඉවතට යන්නේ නිරායාසයෙනි.
කවියා
මුළු පද්‍ය පංතිය පුරාවට විවරණය කරන්නේ සමාජයේ සැබෑ තත්වයකි. සත්ව ලෝකයේ සිදුවීමක් මාර්ගයෙන් එය
අර්ථ ගැන්වීමට කවියා දක්වා ඇත්තේ අපුරු දක්ෂතාවයකි.සමස්ථ වත්මන් සමාජයේ පවුල් සංස්ථාවන් තුළ සිටින බිරින්දෑවරුන්ගේ
මනා නියෝජනයක් ලෙස කවි පන්තියේ එන කැවිඩිය දැක්විය හැකිය. උචිත උපමා භාවිතය, හාස්ස්‍යත්පාදක සිද්ධි භාවිතය වැනි අංගෝපාංග
කවිය පුරාවට දක්නට ඇත. කවියකට උරුම සැබෑ
ගති ගුණ දායාද කරමින්, සමාජ යථාර්ථය ද මනාව විදහා දක්වමින් රැපියෙල් තෙන්නකෝන් නම්
විශිෂ්ට කවියා විසින් රචිත වවුලු හමුව නම් මෙම පද්‍ය නිර්මාණය කවියාගේ සාර්ථක
උත්සාහයක් ලෙස දැක්විය හැකි ය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment