Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Friday, July 8, 2016


වවුලු හමුව-රැපියෙල් තෙන්නකෝන්


පුතු නළවනු පිණිසැ කට බොරු මැ කිය   කියා
හොට ඇනැ  බිඳින සේ උකුණන් අතරැ     පියා
පිසැ ගෙනැ කඳුළු යළි ඇසිපිය හොඳට     අයා
සිඳුවන ඇස ඇයට හිමි රුව පෙනී             ගියා

ඉඩ හැරැ පැනැ  ගියනෙ ‘විටැ බිය සෝ    දෙන්නා
බුරමින් නැඟිණි දැලි ලා වැඩි කෝ             ගින්නා
සිහි කොටැ එදා ගිනි රස හොඳට මැ        දන්නා
එය වළකනුව දිවැගති ඉන්                         උගුන්නා
Sunday, December 27, 2015


හිඟන්නා - කුමාරතුංග මුනිදාස


නැත මා රකිනා මවක් පියෙක්,
නැත නෑදෑ හිතවත් කෙනෙක්  කිසිත්.
අඳුර යි  මුළු ජීවිතේ ම-ගේ,
වෙන නෑ මා වැනි කාලකන්නියෙක්.

අවුලා-ගෙන  කා තැනින් තැනින්
තිරිසන්නුත් සැප සේ ම කල් ගෙවත්.
 ඇවිදත් රට සෑම තන්හි මා
දවසක් වත් කුස ගින්න නිවුනෙ නෑ.
Wednesday, December 9, 2015


පරලොවට පණිවුඩයක් -ජී.එච් පෙරේරා


ළඟදි ඔය පලාතෙන් බැල්ම ලා මේ රටෙහී
උපදින අය ඇත්නම් කාරියක් මම් කියන්නම්
කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි කල්තියා මේ කියන්නේ

රට බොහොම අසාරයි,ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි,කම්මැලියි,බාරදූරයි
අට පහ නොම තේරෙයි,වල් සිරිත් පාර බේරයි
පිට රටට වදාරයි,කාපු දේවත් වමාරයි
Monday, December 7, 2015


අම්මා-මහගමසේකර.


ඔබා දෙදණ නිල උඳුපියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැලලූ තැන මහපොළොවට
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල හිස නමා

දස මසක් කුස තුළෙහි දරා සිට
 මා ලොවට වැදු අම්මා නුඹය
කෙළවරක් නොමැති දුක් දරා විඳ 
 මා ලොවට හැදූ අම්මා නුඹය

Thursday, November 26, 2015





සිරිමලී- එච්.එම්.කුඩලිගම



හැකිලෙන අතර මහ වන මැද හිරු        එළිය
රසවත් කොට මගේ කවි සිතිවිලි          වලිය
මට මුණ ගැහෙන මේ ළදැරිය සිරි         මලිය
හරි හුරතල්ය හුරුබුහුටි ය  සියු              මැලිය

කෙකටිය ඕලු නෙලමින් හෝ අසල      ගඟේ
ගී කිය කියා දර කඩමින් ඉවුරු              දිගේ
දුව පැන නටන කෙළිබර තුනු සපුව      ඇගේ
හැම හැන්දෑවකම හසුවේ ඇසට            මගේ

Tuesday, November 24, 2015





මහබෝ වන්නම -චන්ද්‍රරත්න මානවසිංහ



වැලි තල අතරේ -හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස -වැඩ සිට -බුදු වුණු දා
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ
සමාධි භාවනා

හිම කඳු වැටියේ-සීතල සෙවණේ
චන්දන තුරු පිහිරා
හැපීඑන -මල් මුවරද රසිනේ
සුවඳ මුසු -කෝමල මද පවනේ ගැටීලා පාවෙනා