Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Tuesday, November 24, 2015





මහබෝ වන්නම -චන්ද්‍රරත්න මානවසිංහ



වැලි තල අතරේ -හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස -වැඩ සිට -බුදු වුණු දා
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ
සමාධි භාවනා

හිම කඳු වැටියේ-සීතල සෙවණේ
චන්දන තුරු පිහිරා
හැපීඑන -මල් මුවරද රසිනේ
සුවඳ මුසු -කෝමල මද පවනේ ගැටීලා පාවෙනා


සත්සර නගලා-ටික ටික සෙලවී
සිරි මහ බෝ හිමිගේ
මනෝහර-පලුපත් අතු රිකිලි
නටා ගිය -තාලෙහිරස නැගුනා
සරාගී-ජීවනා

සඟමිත් මෙහෙණි-දකුණේ සාකා
සිරිලක ගෙන ආදා
සිටම තව -මහා මෙව්නා උයනේ
නටයි කොළ-වන්නම ලෙස මහබෝ
සුමිහිරි -නාදෙනා

බෞද්ධයන්ගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ ත්‍රිවිධ චෛත්‍ය අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද සුවිශේෂී වුවකි.මද නල සමග මුසුවී රිද්මයකටනද දෙන බෝපත් දකින විට ගිනි ගත් හදවත් නිවී යන්නේ නිරායාසයෙනි.බෝ සෙවණේ රැඳෙනකවියාගේ චිත්තය බුද්ධාලම්බන ප්‍රීතියෙන් උද්දාමයට පත් ව ඇත.ශ්‍රී මහා බෝධිය ඇසුරෙන් අතීතයට සමවැදෙන  කවියාට මතක් වන්නේඑදා නේරංජනා ගඟ අසබඩ ගය පෙදෙසේ සිරි මහා බෝ සමිඳු යට වැඩ හිඳ සිදුහත් තවුසාණන් බුදු බව ලැබූ ආකාරයයි.එම අවස්ථාවට මනසින් පිවිසෙන කවියා බෝසතුන් බුදු වුන දා ගයාවේ පැවති ශාන්ත  නිසසල පරිසරය අප ඉදිරියේ මවන්නේ අප තුල බුද්ධාලම්බන ප්‍රීතිය මතුකරලමිනි.

මාදූර්ය ගුණයෙන් හෙබි අතිශයින් ලගන්නා සුළු පදමාලාවක් උපයෝගී කරගන්න කවියා ප්‍රස්තුතයට උචිත පරිදි භාෂාව හා රිද්මයද හසුරුවා ඇත.සියඅරමුණ ඉටු කර ගැනීම සඳහා කවියා සංයමය හා විවේක බුද්ධිය ප්‍රශස්තිය ප්‍රකට කර ඇත.මෙය කවියක් සේම ගීතයක් වශයෙන්ද රසිකයන් අතර ජනප්‍රිය ව ඇත්තේ කාව්‍ය ලක්ෂණ මෙන්ම ගීතමය ලක්ෂණද එහි අඩංගු වී ඇති නිසාය.ඒ නිසාම මහබෝ වන්නම සියලු කාව්‍ය ලක්ෂණයන්ගෙන් පිරිපුන් සියුම් කවිත්වයක් හා පරිකල්පන ශක්තියක් ප්‍රකට කරන නිර්මාණයක් ලෙස අගය කලහැක.


4 comments:

Ak said...

නියමයි. දිගටම කරගෙන යන්න සුභපතනවා

Dilusha said...

අපේ කවි ලෝකෙටම දෑනගන්න පුලුවන්. දිගටම කරන්න.

Unknown said...

නියම වැඩක්.

ulanemabee said...

Teti Gold Spinning T-Shirt | Teton City
Teti Gold Spinning T-Shirt samsung watch 3 titanium · Teti Gold Spinning T-Shirt. titanium white octane $49.00 · T-Shirts featuring T-Shirt. $49.00 · T-Shirt featuring T-Shirt. titanium stronger than steel $51.00 · T-Shirt with titanium scrap price T-Shirt. $54.00 · T-Shirt with T-Shirt. titanium dioxide skincare $56.00