Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Thursday, November 26, 2015





සිරිමලී- එච්.එම්.කුඩලිගම



හැකිලෙන අතර මහ වන මැද හිරු        එළිය
රසවත් කොට මගේ කවි සිතිවිලි          වලිය
මට මුණ ගැහෙන මේ ළදැරිය සිරි         මලිය
හරි හුරතල්ය හුරුබුහුටි ය  සියු              මැලිය

කෙකටිය ඕලු නෙලමින් හෝ අසල      ගඟේ
ගී කිය කියා දර කඩමින් ඉවුරු              දිගේ
දුව පැන නටන කෙළිබර තුනු සපුව      ඇගේ
හැම හැන්දෑවකම හසුවේ ඇසට            මගේ

Tuesday, November 24, 2015





මහබෝ වන්නම -චන්ද්‍රරත්න මානවසිංහ



වැලි තල අතරේ -හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස -වැඩ සිට -බුදු වුණු දා
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ
සමාධි භාවනා

හිම කඳු වැටියේ-සීතල සෙවණේ
චන්දන තුරු පිහිරා
හැපීඑන -මල් මුවරද රසිනේ
සුවඳ මුසු -කෝමල මද පවනේ ගැටීලා පාවෙනා